(කුෂාන් ජයවර්ධන)
අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද (13) අනුරාධපුර නොචිචියාගම ප‍්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වටලීමකදී තහනම් තංගුස් දැල් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
නොච්චියාගම ප‍්‍රදේශයේ පිහිටි ධීවර ආම්පන්න අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයක් වටලා එම තහනම් දැල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තහනම් තංගුස් දැල් තොගය කිලේ 20ක් පමණ වන අතර එහි වෙළදපල වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වේ.
මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් කර ඇති තංගුස් දැල් අලෙවි කළ ව්‍යාපාරිකයා ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd