(ජයන්ත සමරකෝන්)
වසර 3 ක් තුළ පුද්ගලයන් 36,995 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
2015 මාර්තු මස 23 වැනි දා සිට අවස්ථා 23 කදී මෙලෙස ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ද අවසන් වරට 915 දෙනෙකුට එම අවස්ථාව හිමිවූ බවද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
විදේශිකයකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 ක තැන්පතුවක් ඉදිරිපත් කළ විට ශ්‍රී ලංකාවේ වසර 5ක වීසා ලබා ගැනීමටත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක තැන්පතුවක් ඉදිරිපත් කරන්නේ නම් වසර 10 කට වීසා ලබාගැනීමටත් ඉදිරියේ දී අවස්ථාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා.. ලැජ්ජාවක් කියලා ගෑවිලාවත් නැහැ මොවුන්ට ඕක කියන්න. ඉතින් කී දෙනෙක් ඇතිද බුද්ධිමතුන්..
ඇත්ත තත්වේ තමයි මිනිස්සු රට හැරලා යනවා වැඩියි. අපේ නෑදෑයන්ගේ ගොඩක් ඕස්ට්‍රේලියාවට ගියා, තව මගේ හොදට ඉගෙන ගත්ත යාළුවොත් එක එක රටවලට ගියා, අහළ පහළ මිනිස්සුන්ගේ ළමයිනුත් රට. ඔක්කොම හොදට ඉගෙන ගත්ත මිනිස්සු රට පනිනවා මේ දවස් වල, එහෙම නැත්නම් යන්න දගලනවා. යන්න බැරි මිනිහා විතරයි මේකේ ඉතුරු වෙන්නේ. ඒකෙනුත් ගොඩක් හොරෙන් පනිනවා. රට එන්න එන්න පහළට යනවා. මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා, කෑම වල වස විස, පරිසර දූෂණය වැඩියි, විදුලිය, ජලය නිතරම වගේ කපනවා. ඒකෙන් පොඩි බිස්නස් වලටත් පාඩුයි, පතාලේ ආයිත් හිස ඔසවලා, බඩු මිළ වැඩියි නමුත් පඩි හම්බ වෙනවා අඩුයි. දේශපාලකයෝ මිනිස්සු ගැන හිතන්නේ නෑ, පොඩි මිනිහා එන්න එන්න තැලෙන එකයි වෙන්නේ. රටේ ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ.
මුදල් ගෙවා තම මව් රටේ පුරවැසිභාවය ලබාගතයුතු තවත් රටවල් මේ ලෝකයේ තියනද ලංකාව හැර.