(කල්පිටිය පද්මා කුමාරි කංකානම්ගේ)
තලවිල ශාන්ත ආනා පුදබිමේ කඳවුරු ආශ්‍රිතව අද (10) දින කරන ලද, වැටලීම් වලින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 105 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.
මෙම වැරදි අතර, හෙරොයින්, කේරල ගංජා, මාවා ආදිය භාවිතා කිරීම නීති විරෝධී මත්පැන් (කසිප්පු) සන්තකයේ තබා ගැනීම, බලපත් රහිතව රජයේ මත් පැන් අලෙවි කිරීම ආදිය වේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩි දෙනෙකු අවුරුදු 18 ත් 35 ත් අතරවන දිවයිනේ විවිධ ප්‍රදේශවල අයවලුන් බැව් පොලිසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගැනීම කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවලආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කල්පිටිය සහ කඳවුරු විශේෂ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් විසින් සිදුකර ඇත.
සැකකරුවන් සහ අදාල නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd