(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල බටදූව පෞද්ගලික ආයතනයක ගබඩාව බිඳ රුපියල් 47,000/- ක් වටිනා තඹ කම්බි සහ තඹ පටි කිලෝ ග්‍රෑම් 97ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ආයතනයේම සේවකයින් දෙදෙනෙක් අද (09) සවස අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.
සොරකම් කරන ලද තඹ තොගයද කටුගොඩ, පෙට්ටිගලවත්ත, තනිපොල්ගහ යන ප්‍රදේශවල පරණ යකඩ මිලයට ගන්නා ස්ථානවලට විකුණා තිබියදී පොලිසිය බාරයට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ සැකකරුවන් රාත්‍රී වැඩ මුරයේ සේවයේ නියුතුව සිටියදී මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ෂණයේදී අනාවරණය වූ බවයි.
අවුරුදු 24 සහ 26 වයසේ පසුවන සැකකරුවන් හිනිදුම්ගොඩ සහ බටදූව මල්ගහ හන්දියේ ස්ථිර පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
සැකකරුවන් සහ පොලීසිය භාරයට ගන්නා ලද සොරකම් කරණ ලද තඹ තොගය හෙට (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අක්මීමණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තඹ සොරාගත් සේවකයින් දෙදෙනා අත්අඩංගුවට