(කුමාර සි .ලියනආරච්ච්)
අම්පාර දිස්ත්‍රික්කයේ බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමියක ස්වභාවික වනය විනාස කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් (02) සොයා ගැනිමට පොතුවිල් පොලිස් අපරධ අංශයේ ඒකකය සමත්විය.
අම්පාර කොට්ඨාස අපරද විමර්ශණ කාර්යංශය සහ පොතුවිල් පොලිස්ථානයේ දුෂණ විමර්ශණ ඒකකයද මෙම වැටලිමට එක්විය.
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා වෙත ලැබුණ තොරතුරක් මත ඉතා දුෂ්කර ගමනකට පසුව අක්කර දෙකක් පමන වු ගංජා හේනක් සොය ගනු ලැබිණි.
මෙම ගංජා වගාව සිදු කිරිම සදහා එම පුද්ගලයන් විසින් වන උද්‍යානයේ ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇති ආකාරය දක්නට ලැබිණ .
මෙම වැටලිමෙදි සැක කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන් විසින් ගංජා අලෙවි කිරිම සදහා සකස් කර ඇති තොගයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදි.
අක්කරපත්කුව සම්මන්තුරේ කල්මුණේ පොතුවිල සහ කොළඹ ප්‍රදේශයනට ද ගංජා බෙදා හැරිම මෙම වගා කරුවන් විසින් සිදු කර ලබයි.
මෙම ගංජා තොග යේ වටිනාකම ලක්ෂ 50 කට අධික බව පොලිසිය සදහන් කර සිටි.
පොසිය විසින් මේ වන විට ලාහුගල වන උද්‍යානයට මයිම්ව ඇති බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ අක්කර දාහතක පමණ අනවසර ගංජා වගා සොයා ගෙන තිබේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
තිඹිරිගොල්ල රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි