IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තාප්පයක ගැටුණු යතුරුපැදිකරු මරුට

( ඔගස්ටින් ප්‍රනාන්දු )                 

කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් ගල්මුරුව වලව්ව අසළ දි අද (13) පමණ පාරෙන් ඉවතට අසළ වු තාප්පයක ගැටී වූ අනතුරින් යතුරු පැදියේ ආ පුද්ගලයා එම ස්ථානයේ දි ම මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පහළ කොස්වත්තේ විසු දිසානායක මුදියන්සේලාගේ සංජීව උදය කුමාර දිසානායක ( 41) නමැති විවාහකයෙකි.

මිය ගිය කුලියාපිටිය ප්‍රදේශයේ ආයතනයක  ආරක්ෂක නිලධාරියෙකු ලෙසින් සේවය කරන බවත් ආරක්ෂක සේවාව අවසන් කර අද ( 13) අලුයම එම ආයතනයෙන් පිටත්ව තම නිවෙස බලා සිය යතුරුපැදියෙන් එන අතර ගල්මුරුවේ දි යතුරු පැදිය පාරෙන් ඉවතට පැන අසල නිවෙසක් වටා ඉදි කර තිබු තාප්පයක ගැටී ගැටී බරපතල ලෙසින් තුවාල ලබා අනතුර සිදුවූ ස්ථානයේ දි මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.

මිය ගිය අය රාත්‍රි සේවා මුරයේ යෙදි සිට එන අතර හදිසියේම ගමනේ යෙදි සිටිය දි නින්ද යාම නිසා මෙම අනතුර වන්නට ඇති බවට සැකයක් ඇති බවත් මෘත දේහය හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙන ගොස් මරණ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිත බවත් කියයි.

මාදම්පේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තාප්පයක ගැටුණු යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site