(රෝවන් පෙරේරා)
කරුවලගස්වැව හතේ කණුව මී ඔය ආසන්නයේ අතුරු මාර්ගයක ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් අද (22) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.
කරුවලගස්වැව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති බවත් රියදුරු වාහනය දමා පලා ගිය බව පොලීසිය කියයි.
පොලිස් බාරයට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට වැඩි ඇතැයි පොලිසිය පවසයි.
මෙම දැව ජාවාරම කාලයක පටන් සිදුකර ගෙන ගිය එකක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
ලොරි රථය සහා දැව තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.