IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩෙංගු අවදානම නැති කරගන්න අවධානයෙන් සිටින්නැයි උපදෙස්

දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්වයත් සමග ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 
 
කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවල හදුනාගත් ඩෙංගු වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස තුළ මේ වන විට  ඩෙංගු මර්ථනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර, මෙම තත්වය අවම කර ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙත්‍ර වැඩසටහනක් සංවිධානය කර ඇතැයි අමාත්‍යංය  සඳහන් කරයි.
 
 
 මෙහිදී නිවාස, පාසල් , වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරීක්‍ෂණයට ලක් කරන අතර මදුරැවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හදුනාගත්විට ප්‍රජාව සමග ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගිත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරයි. 
 
 
මෙම විශේෂ ක්‍ෂෙත්‍ර වැඩසටහන සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම්  650 ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙනු තබන බවඳ අමාත්‍යංශය පවසයි. 
 
 
 තවද පරිසරය තුළ මදුරුවන් බෝවියහැකි ජලය රැදුනු ස්ථාන සුලබව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
 
අවම වශයෙන් සතියකට වරක් විනාඩි 30 ක් තම ගෙවත්ත , වටපිටාව ආශ්‍රිතව මදුරැවන් බෝවිය හැකි හෝ බෝවන ස්ථාන ඇත්දැයි සොයාබලා එම ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය මහජනතාවට දැනුම් දෙයි.
 
 (36698)



අදහස් (0)

ඩෙංගු අවදානම නැති කරගන්න අවධානයෙන් සිටින්නැයි උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 148 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site