(ඩී. කේ. රත්න)
දියතලාව දුම්රියපොළ මාර්ගයේ නිවසක තිබී ටී56 ජීව උණ්ඩ 12ක් සමඟ පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව දුම්රියපොළ පාර ප‍්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
දියතලාව පොලීසිය, ගුවන් හමුදා නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන් එක්ව දියතලාව ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව උණ්ඩ සමඟ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දියතලාව පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd