(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය ඇතුල්ගම පින්නරාව ප්‍රදේශයේ අධික කදු බෑවුම් සහිත මාර්ගයක දී ජල බවුසරයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ජල බවුසරයේ රියදුරු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම මාර්ගයේ පහලට බවුසරය ගමන් කර ඇති අතර එක්වරම බවුසරයේ ඉදිරි පස ගැලවී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
ප්‍රදේශවාසින් එක්ව බවුසරය තුල සිරවී සිටි රියදුරු දැඩි වෙහෙසක් දරා ඉවතට ගෙන තලාතුඔය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළු කරන විටත් රියදුරු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මැණික්හීන්න පිටවල පදිංචි වයස අවුරුදු 49ක් වන එච්.එම්. හීන්බණ්ඩා නැමති අයෙකි.
තලාතුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd