IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජලභීතිකා රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්

 
අජිත්ලාල් ශාන්තඋදය
 
ජලභීතිකා රෝග මර්දන කටයුතු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරුව ද මර්දන කටයුතු සඳහා ප‍්‍රමාණවත් මූලික පහසුකම් ලබා නොදීමෙන් ජලභීතිකා රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද (26) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පැවසුවේය.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා නැඟු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසීය. 


රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.ඒ.විජේතුංග සහ ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් රත්නපුර නව නගරයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවනාගාරයේ දී එය පැවැත්විණි.

 
එම කමිටුවේ ලේකම්ධූරය දරන්නේ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියයි.


කමිටු රැස්වීම ඇමතූ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා පැවසුවේ මෑතක සිට පිස්සු බල්ලන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. ගොඩකවෙල, පනාමුර ආදී ප‍්‍රදේශ වලින් පිස්සු බල්ලන් සපා කෑමෙන් මරණ තුනක් සිදුව ඇති බව තමන්ට දැන ගන්නට ඇති බව ද ඔහු කීවේ ය. 


ඒවායේ ඇත්තක් තිබේ ද, පිස්සු බල්ලන් ව්‍යාප්තවීම වැළැක්වීමට කරනු ලබන සුනඛයින් එන්නත් කිරීමේ වැඩසටහන් සිදු නොවන්නේ ඇයි ද යන්න මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේ ය.


එහිදී කරුණු දැක්වූ  සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා රජයේ ප‍්‍රතිපත්ති තීරණයක් මත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ සුනඛ එන්නත් කිරීම සහ ජලභීතිකා රෝග වැළැක්වීම සඳහා සුනඛයින් එන්නත් කිරීමේ කටයුතු සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවයි. 


මේ සඳහා කඩිනම් විසඳුමක් නොලැබුණ හොත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජලභීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් ඇති බව ද කීවේය. වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කේ.එම්.එන්.එල්.කෝනාර මහතා පැවසුවේ මේ වනවිට කලවාන සහ පනාමුර ප‍්‍රදේශ වලින් ජලභිතිකාව වැළදීමෙන් අවුරුදු හතක සහ අවුරුදු තුනක දරුවන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.



අදහස් (0)

ජලභීතිකා රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site