IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනාධිපති වුණොත් මුලින්ම කරන වැඬේ ගැන ඇමැති නවීන් කියයි

බිඟුන් මේනක ගමගේ

 

 

රටේ පළමු පුරවැසියා වීමට මතුයම් දිනෙක තමාට වාසනාව ලැබුණහොත් තමා ප්‍රථමයෙන්ම කරන්නේ පෙර පාසල් ගුරුවරුන්ට මාසික වේතනයක් ලබාදීම යැයි එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා වැවිලි කර්මාන්ත ඇමැති නවීන්ද දිසානායක මහතා පවසයි.

 

නිදහස ලබා වසර හැටකට වඩා ගතව ඇතත් පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කටයුතු නොකිරීම පුදුමයට කරුණක් යැයි කී හෙතෙම ජපානයේ පෙර පාසල් ක්‍රමය මෙරටටද හඳුන්වාදීමට රජය පියවර ගත යුතු යැයි ද කීවේය.

 

පෙර පාසල් ගුරුවරුන් කෙරෙහි රජය මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි අවධාරණය කළ හෙතෙම රටට වැඩදායී පුරවැසියකු බිහිකිරීමේ හොඳම ආරම්භය ගතහැක්කේ පෙර පාසලෙන් යැයි ද කීය.

 

පෙර පාසල් ගුරවරුන්ට මාසික වේතනයක් නිසියාකාරව ලබාදීම ගැන රජයේ අවධානය යොමුකිරීමට තමා මැදිහත්වන්නේ යැයි ද ඇමැති දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (2)

ජනාධිපති වුණොත් මුලින්ම කරන වැඬේ ගැන ඇමැති නවීන් කියයි

Bamunuarachchi Monday, 08 October 2018 11:27 AM

ඕක කරන්න විෂය බාර ඇමති උනාම හොඳටෝම ඇති.

:       0       92

kalpa Monday, 08 October 2018 01:17 PM

ඇමතිතුමනි රට සංවර්ධනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව එක එක සිතුවිලි අනුව රටක් හදන්න බැහැ. ඒ නිසා පළමුව රටේ සංවර්ධනයට සියලු පක්ෂ එකතුකර ජාතික ප්‍රතිපත්තියක් හදන්න. ග්‍රාම නිළධාරි වසමකට එක් ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් ලෙස පත්කර ඔවුනගෙන් කෙනෙක් සභාපති ලෙසත් කෙනෙක් පාර්ලිමෙන්තු මන්ත්‍රී ලෙසටත් පත්කරන ක්‍රමයක් හදන්න. එවිට විශාල ධන නාස්තියක් වෙන පළාත් සභාත් නැතිව රට හදන්න පුලුවන් වේවි. ගමට මන්ත්‍රී කෙනෙක් සිටින නිසා ගැටලුත් නැතිවේවි. රටත් හැදේවි.

:       0       112

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site