(දයාරත්න ඇඹෝගම)
කලංකුට්ටිය චන්දනගම රජයේ රක්ෂිතයක නිදන් හාරමින් සිටි හිටපු යුද හමුදා සහ නාවික හමුදා භටයන් සමඟ තිදෙනෙකු මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර.බලංගොඩ සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී නිදන් හැරිමට භාවිතා කළ අලවංගු,උදලු, වැනි ආයුධ සහ උපකරණ ද මල්පහන් සුවදකුරු වැන පුජා භාණ්ඩ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේදී සැකකරුවන් එම භුමිය මැණික් පතල් ආකාරයට ගැඹුරට හාරා තිබු බවද පොලිසිය කියයි.
සැකකරුවන් අද (4) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානාධිපති නිශාන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.