(කුෂාන් ජයවර්ධන)
කැකිරාව සෙක්කුපිටියේ ගෙවත්තක තිබී ජීව අත්බෝම්බයක් අද (11 ) දහවල් කැකිරාව පොලිසිය සොයාගෙන ඇත.
මෙම ජීව අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් බවත් එය ආරක්ෂක අංශ හා ත‍්‍රස්තවාදීන් විසින් භාවිතා කළ වර්ගයක එකක් බව පොලිසිය කියයි.
ජීව අත්බෝම්බය අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ බොම්බ නිශ්ක‍්‍රීය අංශයේ නිලධාරීන්ගේ සහය ඇතිව නිශ්ක‍්‍රීය කිරීමට පියවරගෙන ඇති අතර,එය කවුරුන් විසින් ගෙවත්තට ගෙන දැමුවේද යන්න පිළිබඳවපරීක්ෂණ පවත්වයි. මේ සම්බන්ධයෙන් නිවෙස් හිමියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.