(සිරංගිකා ලොකුකරවිට )
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බරවා රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් මේ හේතුවෙන් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදී ඇති සහතිකය පවා නොලැබීමේ අවදානමක් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්දන ඒකකය බාර වෛද්‍ය මංජුල පුංචිහේවා මහතා පවසයි.
ඒ මහතා මෙසේ පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ක්‍රික් බරවා රෝග මර්දන කමිටුව අමතමිනි.
එහිදී පුංචිහේවා මහතා මෙසේ ද පැවසීය,
"ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බරවා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. රුධිර සාම්පල පරීක්ෂාවෙන් පෙනෙනවා රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව. ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙලෙස රෝගීන් වාර්තාවුවහොත් මෙම සහතිකය නොලැබිමේ අවදානමක් ද තියෙනවා. බරවා රෝගය ගැන සරල විධියට හිතන්න එපා. එය ඉතාම දුක්ඛදායක රෝගයක්. මේ රෝගය වැළඳුන කෙනෙක් ජීවිත කාලයම දුක් විඳින්න වෙනවා. ඩෙංගු රෝගයටත් වඩා බරවා රෝගය අවදානම්. මේ නිසා මේ සම්බන්දව දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.
රෝගින් වැඩිපුර වාර්තා වෙන්නේ දිස්ත්‍රික්කයේ වෙරළබඩ කළාපයෙන්, එනම් හබරාදුව සිට බෙන්තොට දක්වා කළාපයේ රෝගීන් වැඩිපුර හමු වෙනවා. බලපිටිය හා හබරාදුව ප්‍රදේශවල රෝගීන් වැඩිපුර හමුවුණා. වැසිකිලි වලවල් සහ අපිරිසිදු කාණු වල තමයි මෙම මදුරුවන් වැඩිපුර බෝවන්නේ, අප දැනට ගෙවල් 5000ක් පමණ පරීක්ෂා කර බලා තියෙනවා. එයින් සියයට 80ක පමණ වැසිකිලි වලවල් කැඩිලා.
රාත්‍රී රුධිර සාම්පල පරීක්ෂාවට සහයෝගය දීම වැදගත් වෙනවා. කකුල් ඉදිමුණ රෝගීන් බරවා රෝග සායනයන් වෙත සහභාගී වීම අවශ්‍ය වෙනවා. අහංගම හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සෑම සඳුදා දිනකම මෙම සායන පැවැත්වෙනවා."
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගාල්ලේ බරවා රෝගීන් වැඩි වීමේ අවදානමක්
Sachitha lakmini Tuesday, 06 October 2020 03:45 AM
බරවා රෝගයෙන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින දුර්වල පාරිසරික සනීපාරක්ෂාව. නාගරික සැලසුම් සැලසුම්කරණයේ දුර්වලත්වය, වැසිකිළි හා කාණු පද්ධති කිසිදු කළමනාකාරීත්වයකින් තොරව ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණයක් නොමැතිවීම නිසා අපිරිසිදු ජලය රැස්වෙන ස්ථාන බොහොමයක් ශ්‍රී ලංකාවේ පවතිනවා. එම නිසා අපිරිසිදු ජලය එකතු වන ස්ථාන තුරන් කිරීමෙන් සහ රෝගීන් හඳුනාගෙන රෝගය වාහකයා මගින් රෝගය බෝවීම පාලනය කිරිම මගිනුත් අපිට පුළුවන් මෙම බරවා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගන්න. මෙවැනි අවාසනාවන්ත රෝගයකට ශ්‍රී ලාංකිකයන් ගොදුරු වීම වැළැක්වීමට අප මෙන්ම රජයද මැදිහත් වීමෙන් ඉක්මන් පියවර ගත ගත යුතුයි නේද ??