IMG-LOGO

ගාල්ලේ ප්‍රාදේශීය රෝහල් 5 ක් ඩිජිටල්කරණයට

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

බිම් මට්ටමේ සෞඛ්‍ය ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් 5 ක බාහිර රෝගී සේවා සම්පුර්ණයෙන්ම පරිගණක ගත  කිරීමට  කටයුතු යොදා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා අහංගම, බද්දෙගම, බටපොල, කරන්දෙනිය සහ අම්බලන්ගොඩ යන ප්‍රාදේශීය රෝහල් තෝරාගෙන ඇත. ඒ අනුව මෙම රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගින් සඳහා ඩිජිටල් කාඩ්පතක් නිකුත් කරයි.

එම රෝගින්ට අවශ්‍ය ඖෂධ වෛද්‍යවරයා විසින් සටහන් කරණු ලබන්නේ පරිගණකයට දත්ත කැවීමෙනි. එම තොරතුරු රෝගියාගේ ඩිජිටල් කාඩ් පතෙහි සටහන්වේ. එසැනින් මෙම තොරතුරු රෝහලේ ඖෂධ නිකුත්කරණ ස්ථානයට සහ වෛද්‍ය රසායනාගාරයට සම්ප්‍රේෂණය වේ. ඒ අනුව ඖෂධ නිකුත් කිරීමට සහ රසායනාගාර පරික්ෂා සඳහා පෝරම පිරවීම අවශ්‍ය නොවේ.

පසුව රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන විට මෙම කාඩ්පත රැගෙන ආ යුතු අතර එය පරිඝණකයට ඇතුළත් කිරීම තුළින් එම රෝගියාගේ රෝග ඉතිහාසය, කලින් නිකුත් කරන ලද ඖෂධ සිදුකළ රසායනාගාර පරික්ෂණ තොරතුරු යනාදිය ක්ෂණිකව වෛද්‍යවරයා දැනුම්වත් වීම සිදුවේ.

මේ හේතුවෙන් අදාල රෝගියාට තවදුරටත් ප්‍රතිකාර කිරීම කාර්යක්ෂමව සිදුකිරීමට අදාල වෛද්‍යවරයාට හැකියාව ලැබේ.

මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ගාල්ල දිස්ත්‍රික් සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින්  මේ දිනවල සිදුකරන අතර 2019 වර්ෂයේදී මෙම වැඩ සටහන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.



අදහස් (0)

ගාල්ලේ ප්‍රාදේශීය රෝහල් 5 ක් ඩිජිටල්කරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site