(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
උඩුගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයකට හික්කඩුව වවුලගල ප්‍රදේශයේ දි අද (10) නාඳුනන පුද්ගලයකු විසින් එල්ලකළ ගල් ප්‍රහාරයකින් බසයේ ඉදිරිපස විදුරුවට අලාභහානි වි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
මෙකි බස් රථය උඩුගම සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබියදි අද (10) අළුයම 4.45ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ලවි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස විදුරුව ඉරිතලා ගොස් ඇති බවද පැවසේ.
නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු අතරින් එහි සිටි අයෙකු ගල් ප්‍රහාරය එල්ලකොට ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. මොවුන් රාත්‍රී සාදවලට සහභාගි වි දැඩි ලෙස මත්පැන් හා මත්පෙතිවලට ඇබ්බැහිවුවන් බවට හඳුනාගෙන ඇත. ඒ අසල ඇති සී.සී.ටී.වි කැමරා දර්ශන ඔස්සේ හික්කඩුව පොලිසිය මගින් පරික්ෂණ ආරම්භකර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගල්ප්‍රහාරයකින් බසයකට හානි