(ඩී.කේ.රත්න)
ගම්මිරිස් සදහා ස්ථාවර මිලක් දෙන ලෙස පොරොන්දු වී වසරකටත් වඩා වැඩි කාලයක් ගතවන නමුත් මෙතෙක් ස්ථාවර මිලක් නොමැති වීමෙන් ගම්මිරිස් අලෙවි කිරිමට නොහැකි වී අසීරුතාවයකට පත්වී ඇති බව ගොවීහු පවසති.
රජය විසින් මේ සඳහා නිසි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකරන්නේ නම් දැඩි ක‍්‍රියාමාර්ගයකට එළඹීමට සූදානමින් සිටින බව බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවිහු අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.
බදුල්ල දිස්ත‍්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ සංවිධානය මගින් හාලිඇල විදුර මාධ්‍ය පියසේදී මෙම හමුව පැවැත්විණි.
රජය විසින් ගම්මිරිස් ගොවීන් රවටා ඇති බවත් ගම්මිරිස් ගොවීන් සදහා මිලියන් 2700 මුදලක් පාඩුවීම නිසා රජය එම පාසුව ගෙවීම වෙනුවෙන් මිලියන 600 ක් වෙන් කළ බව පැවසුවද මේ වනතෙක් එම මුදල් ගොවි ජනතාවට ගෙවීමට කටයුතු කර නොමති බවත් එම නිසාම ගොවි ජනතාවට සහන ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බවත් මෙම ගොවීහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්මිරිස් ගොවිහු ස්ථාවර මිලක් ඉල්ලති