(අජිත්ලාල් ශාන්තඋදය)
වසර විස්සක වැඩි කාලයක් නිවාස 108කට නළ මගින් ජලය සැපයූ ගොඩකවෙල නියංගම පොදු ළිඳ කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි එම ප්‍රදේශයේ ප‍්‍රජා ජල පාරිභෝගිකයෝ පවසති.
කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් ළිඳේ ආරක්‍ෂාවට යොදා තිබූ කොන්ක‍්‍රීට් ආවරණය කඩා විනාශ කර දමා ඇති බවත් මේ සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසියට පැමිණිලි කළද තමන්ට සහනයක් නොවූ බවත් ප්‍රදේශවාසීහු කියති.
පොලීසිය නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්‍ධයෙන් ගම්වාසීන් කරන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බව ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක යූ.පී.බී.ජි. නෙලූම්දෙනිය මහතා කියයි.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුව ගත් බවත් ජලය නොමැති නිසා බාල්දියෙන් ජලය ගැනීමට එය කඩා දැමූ බව ඔවුන් ප්‍රශ්න කිරීම්වලදී පැවසූ බවත් ඒ මහතා පවසයි.
මෙය රජයේ මුදල් වැය කර ඉදිකර ඇති නිසා සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් අධිකරණයෙන් ඔවුන්ට ඇප ලබා දී ඇති බවත් පොලිස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරයි.


2025 දෙසැම්බර් මස 18
520
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොඩකවෙල පොදු ලිඳ කඩා දමති
kalpa Monday, 10 April 2017 01:33 PM
අපි පොඩිකාලේ පාඩම් පොතක තිබුන ලිඳ ඉස්සු මිනිස්සු කියල පාඩමක් එය කරපු මිනිස්සු හා මේ ලිඳ කඩපු මිනිස්සු අතර වෙනසක් නැහැනේ
chanaka Wednesday, 12 April 2017 05:47 AM
අනේ කල්ප මාමේ මට ඒ කතාව කියල දෙන්නකෝ ?
රාජුන් Thursday, 13 April 2017 11:05 PM
අනේ කල්ප මාමේ, අනේ ඒ කතාව කියන්නකෝ. අපි කාටත් දැන ගන්න.