( රොමේෂ් මධුෂංඛ)

යාපනය නගරය තුළ යතුරු පැදියකින් ඉතා සූක්ෂමව කේරළ ගංජා ජාවාරමේ නිරත වූ තරුණයෙකු කේරළ  ගංජා කිලෝ 04.ග්‍රෑම් 210 ක් සමග  නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අත් අඩංගුවට ගෙන ඇත.

යාපනය නගරයේ  සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාපනය, 03 වන හරස් වීදියේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරීක්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 34 ක් වන මඩකළපුව, ආරියම්පති ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.