කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය දුම්රිය ස්ථාන අතර සිරිගම්පල ප‍්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23) සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හාල්දඬුවන ප‍්‍රදේශයේ පදිංචි ගීත් කුමාර නැමැති 31 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
දුම්රිය මාර්ගයේ මළ සිරුරක් තිබෙන දැක ඇති අයෙක් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මළ සිරුර සොයාගෙන තිබේ.
මියගිය තැනැත්තාගේ හිසේ තුවාල කීපයක් ඇති බවත් එය දුම්රියක හැපි සිදුවූ තුවාලද එසේත් නැතිනම් යම් අයෙකුගේ පහරදීමක් සිදු වුවක්ද යන්න සොයා පරික්ෂණ සිදු කරන බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd