IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කළමනාකරුවන් 17ක් කම්හලේ සිරකළ සේවකයන් 9ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හොරණ මහවත්ත කර්මාන්තශාලාවක කළමනාකරුවන් 17දෙනෙකු රැස්වීම් ශාලාවක් තුළ බලහත්කාරයෙන් සිර කරගෙන සිටි සේවකයන් නවදෙනෙකු අද(13) අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත්  සේවකයන් කර්මාන්තශාලාවේ යන්ත්‍ර ක්‍රියාකරුවන් බවද පොලිසිය කියයි.
 
කර්මාන්තශාලාවේ සේවකයන් පිරිසකට අතිකාල හා දිරි දීමනා නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මූලික කරගනිමින් ඔවුන් මෙසේ සිරකර ඇතැයි පොලිසිය කියයි.
 
කළමනාකරුවන් 119 හදිසි දුරකථන ඇමතුම් අංකයට කළ පැමිණිල්ලක් අනුව ඔවුන්ව මුදා හැරීමට සේවක පිරිස කටයුතු කර තිබිණි.
 
අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් අයුතු ඇතුළුවීම හා සාපරාධී බලහත්කාරකම් පෑම යන චෝදනා යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කළමනාකරුවන් 17ක් කම්හලේ සිරකළ සේවකයන් 9ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 541 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 486 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site