IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කළුගඟට දේපළ දන් දුන් පවුල් අමාරුවේ


(කාංචන කුමාර ආරියදාස)
 
මොරගහකන්ද -කළු ගඟ ජල යෝජනා ක්‍රමයේ  කළු ගඟ ජලාශය සඳහා  සිය ගම්බිම්  ගේ දොර  පරිත්‍යාග කළ ප්‍රධාන පවුල්වලට අයත් අනුපවුල්වල ජනතාවට තවමත්  වන්දි මුදල් සහ කුඹුරු ඉඩම් ලබාදී නැති බව එම ජනතාව පවසති.
 
තම ගම්මානවලට ගමන් කිරීමට ඇති මාර්ග නිසි ලෙස නඩත්තු නොකරන බවත් තමන්ට පානීය ජලය ලබාදෙන්නේ බවුසර් මගින් බවත් කිසිදු ගොවිතැනක් කරගැනීමට ඉඩම් නොමැති බවත් ඇතැම් පවුල් ලන්තෑරුම් එළියෙන් ජීවත්වන බවත් තමන් මහා ඝන කැලෑ වල කුඩා වාඩි තනාගෙන වනසතුන් සහ විෂ ඝෝර සර්පයන්ගෙන් මිදී  ජීවත්වීමේ අරගලයක නිරතව සිටින බවත් ඔවුහු පවසති.
 
මෙම ජනතාව වැඩිදුරටත් කියා සිටියේ තමන්ට  අක්කර බාගයක ඉඩමක් පවා ලබා ගත්තේ දැඩි අරගලයකින් පසු බවයි. දැනට රුපියල් ලක්ෂ 12 ක මුදල් වන්දියක් කුඹුරු ඉඩම් ලබාදෙන අයට දෙන බවත් එම වන්දිය ලබා දෙන්නේ නම් තමන්ට නිවසක් තනා ගැනීමට හැකි බවත් ජනතාව කියාසිටිති.
 
මහවැලි අධිකාරියට විරුද්ධව තමන් කළ අරගලවලින් පසු නිවාස තනා ගැනීම සඳහා නිලධාරීන් ඉඩම් ලබානොදීම සම්බන්ධයෙන් වසර ගණනාවක් සිට මහවැලි බලධාරීන් දැනුවත් කළ ද ඊට නිසි විසඳුම් ලබාදී නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  මේබව දැනුම් දීමට අවැසි බවත් අවතැන් වූ ජනතාව කියති.

 



අදහස් (0)

කළුගඟට දේපළ දන් දුන් පවුල් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site