IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කසළ කෑමට එන වනඅලි වැඩිවී අම්පාරවැසියන්ගේ දිවි අනතුරේ

(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර නගර සභාව මගින් පාලනය කරන කසළ එකතුකිරීමේ මධ්‍යස්ථානයේ කසළ නිසි අයුරින්  ප්‍රතිචක්‍රීකරණය නොවීමෙන් එම ස්ථානයට පැමිණෙන වන අලි සංඛ්‍යාව වැඩිවී ඇති බවත්, අලි ගම්මානයේ නිවාසවලට හානිකරන බැවින් ජීවත්වීම අනාරක්ෂිත බවත් ප්‍රදේශවාසීහු පවසති.
 
දිනපතා සන්ධ්‍යා කාලයේදී එහි පැමිණෙන වනඅලි කැලිකසළ ආහාරයට ගන්නා අතර රාත්‍රියේදී ගම්වැද නිවාසවලට හානි කරන බවද, ඒ බව වනජීවි නිලධාරීන්ට පැවසුවද කිසිම සහනයක් ලැබී නැති බවද ඔවුහු කියති.
 
පසුගිය දින කිහිපය තුළ අම්පාර විජිතපුර ගම්මානයේ නිවාසවලට වන අලි හානි කර තිබිණි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්.ඒ. සමන්ත විජිතපුර මහතා මෙසේ පැවසීය.
“අලි හැමදාම අපේ ගමට එනවා. අපි වන අලින්ගෙන් පුදුම කරදරයක් විඳින්නේ. හවසට කුණු කන්න එන අලි සේරෝම රෑට ගම්මානවලට යනවා. ගිහින් වගාවන්ට නිවාසවලට හානි කරනවා. අපේ ගෙදර අයිනේ  අලියා දුවන් ඇවිත් ගෙට පහරදුන්නා. මම දරුවන් අරගෙන එහා ගෙදරට පැනලා ගියා. අපි හරිම අමාරුවෙන් ජීවිත බේරා ගත්තේ. මේ දවස්වල නියඟය හින්දා අලින්ට කන්න නැහැ. අලි ගමට ඇවිත් කුස්සිය කඩනවා. වතුර බොන්න වතුර කරාම කඩනවා. ස්ථාන කිහිපයක වතුර වලවල් ටිකක් හැදුවොත් මේ කරදරය ටිකක්වත් අඩුවෙයි” යැයි පැවසීය.

ඩී.කේ.කුසුමාවතී මහත්මිය මෙසේ පැවසුවාය.
“පාන්දර 1.30 විතර ආව අලියා ගේ කැඩුවා. හවස හතෙන් පස්සේ මොනම හේතුවටවත් ගෙදරින් පිටතට යන්න බැහැ. වනජීවී නිලධාරීන් එද්දි අලි ගම්වැදිලා ගෙවල් කඩාදාලා ඉවරයි. මිනිස්සු මරලා දලා ගියත් එච්චර තමයි. විසඳුමක් දෙන්න කියලා අපි රජෙයන් ඉල්ලා සිටිනවා. මේ කුණු කන්ද මෙතනින් අයින් කරන්න ඕනි. අලි 50ක් 60ක් විතර ඉන්නවා” යැයි ඇය කීවාය.
 
නැගෙනහිර වනජීවි සහකාර අධ්‍යක්ෂක එච්.ජී.වික්‍රමතිලක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවේය.
“අම්පාරේ අලි ප්‍රශ්නය තදින් තියෙනවා. අපේ නිලධාරීන් හැමැතැනම රාජකාරි කරනවා. සමහර අවස්ථාවලදී කියූ සැණින් එන්න බැහැ. මොකද අපේ අය තවතැනක රාජකාරියක ඉන්න පුලුවන්. ඒ නිසා අපි ගම්වල කමිටු හදනවා, අපි එනකන් අලියා යන තැන බලා ගන්න. අපිට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්. ඒවායින් තමයි මේ තරම් විශාල ප්‍රමාණයක් ආවරණය කරන්නේ. මේ සියල්ලම වනජීවි එකට කරන්න බැහැ. මහජන සහය අපට අවශ්‍යයි. අලින්ගේ භූමි මිනිස්සු ආක්‍රමණය කිරීමයි මේ අර්බුදයට හේතුව” යැයි ඒ මහතා පැවසීය.


 



අදහස් (0)

කසළ කෑමට එන වනඅලි වැඩිවී අම්පාරවැසියන්ගේ දිවි අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site