( රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසිය.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40 දක්වා පහළ බැස ඇති අතර මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 38 දක්වා පහළ බැස ඇති බව ද මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි උත්පාදනයට ගැටළුවක් විය හැකි බවද විදුලිබල මණ්ඩලය පවසයි.
එම ජලාශවලින් ලබා ගන්නා ජලය උපයෝගි කර ගනිමින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබයි.
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල දැනට පවතින ජල ධාරිතාවෙන් 25% දක්වා විදුලි උත්පාදනයට ජලය ලබාගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් පානිය ජලය ලබා දිම සදහා කැලණි ගගට ජලය මුදා හැරිමටද ජල ධාරිතාව රඳවා ගත යුතු බවද ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පහළ බැසීමත් සමග එම ජලාශ ඉදිකිරිමේදි යට වු නටඹුන් කිහිපයක් මේ වන විට මතු වි ඇත.






2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාසල්රී - මාවුස්සාකැලේ ජල මට්ටම පහළට