(දයාරත්න ඇඹෝගම)
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් අද (29) ගලෙන්බිඳුනුවැව යකල්ල ගල්කුලම හන්දියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයේ නිරතවූ මෙම කාන්තාවන් කියා සිටියේ රජය විසින් මෙම ණය මුදල් කපා හරින බවට ලබාදුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි.
මෙම උද්ඝෝෂණය නිරත වූ පිරිස සඳහන් කර සිටින්නේ කන්න ගණනාවක් තිස්සේ එම ප්‍රදේශ වලට නියගයේ බලපෑම හේතුවෙන් තමන් සිදු කළ ගොවිතැන් පාලු වූ බවත් ගොවිතැන් සඳහා තමන් විසින් ණය මුදල් ලබා ගත් බවත් වගාවන් පාළු වීමත් සමඟ ණය මුදල් ගෙවීමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් ණය වාරික ගෙවීමට නොහැකි වූ කාන්තාව හට රජය විසින් ණය කපා හරින බවට ලබාදුන් ප්‍රකාශය නිසි ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබා ගත් ණය මුදල් රජය විසින් කපා හැරීමට නියෝගයක් නිකුත් කර තිබියදී, අදාළ ප්‍රදේශවල සංවර්ධන නිලධාරීන් විසින් ණය ලබාගත් කාන්තාවගේ තොරතුරු එක් රැස් කලත් තවමත් අදාල මුල්‍ය ආයතනවලින් ණය එක්රැස් කරන බව මොවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.
උද්ඝෝෂකයෝ ඉල්ලාසිටීන්නේ මේ තත්ත්වය ඉදිරියට පැවැතෙන්නේ නම් විශාල අරබුද රැසකට මුහුණ දීමට සිදු වීමට පෙර රජයේ මැදිහත්වීමෙන් අසරණ ජනතාව ණය බරින් බෙරාගන්නා ලෙසයි .
උද්ඝෝෂණයෙන් නිරත වූවන් පැයතුනක පමණ කාලයක් උද්ඝෝෂණයක් කිරිමෙන් අනතුරැව විසිර ගියේ ඉදිරි දින කිපය තුළ නිසි විසදුමක් ලබා නොදුන හොත් මාරාන්තික උපවාසයක නිරත වන බවද පවසමිනි.



2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා ගලෙන්බිඳුනුවැවදී උද්ඝෝෂණයක්