(ප්‍රසාද් මුතුකුඩ)
ගෘහ පාලිකාවන් ලෙස කුවේට්හි සේවයට ගොස් විවිධ අතවර හා හිංසා වලට ලක්වූ ලාංකික කාන්තාවන් 26 දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු යු එල් 230 දරණ ගුවන් යානයෙන් අද (11) දිවයිනට පැමිණියහ.
මෙලෙස පැමිණි පිරිස අතර අත්පා වලට සහ හිසට බරපතල ලෙස පහර ලැබ සිටි කාන්තාවන් කීප දෙනෙකුද සිටිනු දක්නට ලැබිණි.
මේ අතර වැටුප් සහ ආහාර නොලබා සිටි කාන්තාවෝද වූහ. මෙම පිරිස කටුනායක පිහිටි ‘සහන පියසට‘ රැගෙන ගොස් ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ගමන් වියදම් ලබා දෙන බව ගුවන්තොටුපල විදේශ සේවා නියුක්ති කාරයංශයේ නිළධාරිනියක පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd