(දෙනියාය විශේෂ එස් .ඩි .කොඩිකාර )
කල් ඉකුත් වූ පණුවන් ගැසූ කිරි හට්ටිවල නරක් වූ උඩ කොටස ඉවත්කර ඒ වෙනුවට නැවුම් කිරි යොදා නව ලේබල් ගසා කිරි ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු කිරි හට්ටි අනූ නමයක් සමග ඒවා ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් අද (06) කොටවිල වැව ආසන්නයේ දී කොටවිල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් එක්ව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28- 33 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු බවත් මොවුන් වසරක පහක සිට මෙම ජාවාරමේ යෙදී ඇති අතර මෙම කිරි අනුභව කර රෝගී වූ පිරිස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට සිදු කළ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී දිනය මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා සීල් එකක් , ලන්ච් ෂීට් තොගයක් , කඩදාසි තොගයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කිරි ජාවාරම් කරුවන් මාතර ප්‍රදේශයේ සිට වැලිගම ප්‍රදේශය දක්වා කිරි ප්‍රවාහනය කරන අතරතුර කඹුරුගමුව වැව ආසන්නයේ නවතා නරක්වූ කිරි හට්ටි වල උඩ කොටස අයින් කර ඒ වෙනුවට නැවුම් කිරි යොදමින් සිටින අවස්ථාවේ මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කොටවිල පොලිසියේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක තුෂාර මහතා පැවසීය .


.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
172
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල් ඉකුත් වූ කිරි ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට