( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් නැමැති මත් ද්‍රව්‍ය ග‍්‍රෑම් 43ක්, කේරළ ගංජා කිලෝ 14ක් සහ ග‍්‍රෑම් 500 ක් ඒවා ප‍්‍රවාහනය කිරීමට යොදාගත් නවීන පන්නයේ වෑන් රියක් හා සැකකරුවන් සිව්දෙනෙකු අද ( 08) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, කිරිබත්ගොඩ, හුණුපිටිය හා එඬේරමුල්ල ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසකි.
කලගෙඩිහේන ප‍්‍රදේශයේ කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ අට හමාරක් සමඟ අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකුගෙන් අනාවරණයවූ තොරතුරු අනුව තවත් පුද්ගලයින් දෙදෙනකු කේරළ ගංජා කිලෝ හයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
මෙම කල්ලියට සම්බන්ධ සාමාජිකයකු පස්යාල ප‍්‍රදේශයේදී අයිස් නැමැති මත් ද්‍රව්‍ය ග‍්‍රෑම් 42 ක් වෑන් රථයකින් ප‍්‍රවාහනය කරද්දී අල්ලා ගැනීමට ද පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසියට හැකිවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd