උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේදී කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද ( 27) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා යාත්‍රා මඟින් උතුරු මුහුදේ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක ප්‍රමණයක් සොයා ගැනීමට සමත්ව ඇත.
මෙම කේරළ ගංජා තොගය පර්සල් දෙකක බහා තිබී ඇති අතර, ඒවා ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ.
අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට නියමිතය.
(36698)
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd