(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංගා කිලෝ ග්‍රෑම් 14 ක්,නොරොච්චෝල නගරයේ දී 23 දින පෙරවරුවේ දී, එහි රියදුරු ද සමගින් අත් අඩංගුවට ගත් බැව්,නොරොච්චෝල පොලිසිය පවසයි.
මෙම ගංජා කිලෝ දෙකේ පැකට් හතකට අසුරා තිබූ බවත්,කල්පිටිය කළපුව ආසන්නේදී තම ත්‍රී රෝද රථයට පටවා,පාලවියට රැගෙන යන ලෙසට උපදෙස් ලැබුණු බවත්,සැක කාර රියදුරුගෙන් ප්‍රශ්ණකිරීමේ දී අනාවරණය වී ඇත.
දිගු කලක පටන්,කල්පිටිය මුහුදු තීරය ඔස්සේ, කේරළ ගංජා මෙරටට ප්‍රවාහනය කරණ බවත්, ආරක්ෂිතව සගවා තබන මෙම විශාල තොග පසුව කුඩා තොග වශයෙන් බෙදා හැරෙන බවත් පරීක්ෂන පවත්වන පොලිසියේ අදහසයි.
නොරොච්චෝල පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.