IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය 19 වැනිදා


 
(විනීතා එම් ගමගේ)

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණ මාර්තු මස 19 දින ආරම්භ වීමට නියමිතය.

මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිත අතර  ඒ අනුව එක් එක් විභාග අපේක්‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානයwww.slbfe.lk  වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වා විභාගය පැවැත්වෙන අතර, නිශ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.

විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22581 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඉන් 19157 ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටීමට නියමිත අතර, 3424 දෙනෙකු ඉදිකිරීම් අංශයේ විභාගය සඳහා පෙනි සිටීමට නියමිතය.



අදහස් (0)

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය 19 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site