(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ කූරගල රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයන් පස්දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (07) නියෝග කළේය.
මෙලෙස ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ බලන්ගොඩ මොළමුරේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනෙකි.
මොවුන් කල්තොට කූරගල රක්ෂිතයේ උඩ තැන්න ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටියදී කූරගල සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ කල්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ශරීර ඇප දෙකක් මත මුදාහැරියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd