(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම වෑත්තෑව ප්‍රධානපෙළේ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් 10,800,000ක් පමණ වටිනා නිමි ඇඳුම් සොරාගත් බව කියන කාන්තාවක් හා පුරුෂයෙකු අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
සොරාගත් ඇඳුම් සහති පෙට්ටි 200ක් වැල්ලවත්ත ශ්‍රී සුවිශුද්ධාරාම පාර දෙමහල් නිවසක ගරාජයක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
එම නිමි ඇඳුම් පෙට්ටි 200න් 160ක්ම අපනයනයට සුදුසු තත්ත්වයේ තිබූ බවද අනාවරණය වී ඇත.
ඇඟලුම් කර්මාන්තශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා කළ පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd