
(රෝවන් පෙරේරා)
කානු දෙකේ ගිනි අවි දෙකක් සමඟ අද(13) පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීහු කියති.
අත්අඩංගුවට ගත් සැකකරු තේවනුවර පදිංචි 60 හැවිරිදි අයෙකි.
ඔහු මීට පෙර දඩයමේ නිරත වූවෙකු බවටද තොරතුරු ලැබී ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී තහවුරු වූයේ වල් අලි පලවා හැරීම සඳහා එම ගිනි අවි භාවිතා කරන බවය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ ගිනි අවි සඳහා යොදාගත් උණ්ඩ, ඊයම්, පතුරොම් සහ වෙඩි තැබීමට භාවිත කළ යකඩ බෝල වනජීවී නිලධාරීහු සිය බාරයට ගත්හ.
සැකකරුට විරුද්ධව අධිකරණ කටයුතු සිදුකිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd