(ඩී.ජී.සුගතපාල)
මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 4,800ක මුදලක් කොල්ල කෑ පුද්ගලයෙකු ගාල්ල පොලිසිය අද(25) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස රෙජ්ජිපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
ගාල්ල සමුද්‍ර මාවතේ මහජන පොළ අසළ බස් නැවතුමේ බසය නතර කළ අවස්ථාවේ කොළඹ යාමට බව බවසා සැකකරු බසයට ගොඩවී ඇත. පසුව බසය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට නැවතුමේ නතරකළ අවස්ථාවේ සැකකරු එක්වරම කොන්දොස්තරවරයා අතතිබූ මුදල කොල්ලකා පලා ගොස් තිබේ.
කොන්දොස්තරවරයා ද කෑගසමින් සැකකරු පිටුපස දුව යද්දි බුද්ධි අංශයේ නිලධාරීන් ඔහු අල්ලා පොලිසියට බාරදී ඇත.
සැකකරු හෙට(26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd