IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කාන්තාවකගේ මළ සිරුරක් සෙල්ලකතරගම ළඳු කැලෑවක

(චන්ද්‍රසේන ගමගේ)

සිව් දෙනෙකු විසින් දූෂණය කර පසුව මුගුරකින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් අද (11) කතරගම බුත්තල මාර්ගයට ආසන්නව සෙල්ලකතරගම ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ තිබියදී තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

පසු ගිය මාර්තු මස 03 වැනි දින හේ ඊට ආසන්න දිනයකදී මෙම කාන්තාව ඝාතනය කොට ඇතැයි පොලිසිය පවසයි.

දූෂණය කර පහරදී ඝාතනය කර තිබුණේ බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 57 වැනි වියේ පසු වූ ජයලන්ත මුදියන්සේලාගේ ශ්‍රියාණි ප්‍රේමලතා නම් සිව් දරු මවක් බව පොලීසිය කියයි.

සැකකටයුතු ලෙස කතරගම ප්‍රදේශයේ  සැරිසරන  පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබූ තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මිය ගිය කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනො විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට  බන්ධනාගාර ගතව සිටින බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වු තොරතුරු අනුව මිය ගිය කාන්තාවගේ සිරුරු පොලීසියට සොයා ගැනීමට හැකි වී තිබේ.

ඉකුත් මැර්තු මස 03 වැනි දින මිය ගිය කාන්තාව බිබිල ප්‍රදේශයේ සිටියදී ඇය සමඟ හිතවත් වී සැකකරුවන් ඇය මෝටර් රථයක නංවා ගෙන කතරගම දෙසට පැමිණ ඇති බවත් අනතුරුව සැකකරුවන් සෙල්ලකතරගම ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළදී ඇය දූෂණය කොට පහර දී මරා දමා ඇති බවත් පොලීසිය පවසයි.

කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇය පැළද සිටි රන් භාන්ඩ සියල්ලද ඝාතකයන් විසින් පැහැර ගෙන ගොස් තිබේ.

තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ හා හම්බන්තොට මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපිටදී මරා දමන ලද කාන්තාවගේ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබීය.

සැකකරුවන් අද (11)  තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවත් මහේස්ත්‍රාත්වරයා ඔවුන් ලබන 18 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.



අදහස් (0)

කාන්තාවකගේ මළ සිරුරක් සෙල්ලකතරගම ළඳු කැලෑවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site