(ඩබ්. ඒ. පියතිලක)
පොලොන්නරුව පුලස්තිපුර රිපායිපුර ප්‍රදේශයේ ජනතාව පරිහරණය නොකරන (කුණු ඇළක) ඇළ මාර්ගයක තිබූ අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් (4) අද පස්වරුවේ වෙල්යායක ආරක්ෂිතව පුපුරවා හැරි බව පුලස්තිපුර පොලිසිය පවසයි.
මෙම බෝම්බය තිබු ඇළ මාර්ගය ජනතාව පරිහරණය නොකරණ ඇළකි.
ගොවියෙකු පළමු වරට දැක පොලිසියට මේ පිළිබඳව දන්වා ඇති අතර පසුව පොලිසිය විසින් මින්නේරිය යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත දන්වා තිබේ.
මින්නේරිය යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය නිලධාරීහු ආරක්ෂිතව ප්‍රදේශයේ ජන ශුන්‍ය වේල්යායකට බොම්බය රැගෙන ගොස් අදාළ අත්බෝම්බය ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමෙන් පසුව පුපුරවා හැරීම සිදු කළහ.
කිසියම් පුද්ගලයකු මෙම අත්බෝම්බය ඇළ මාර්ගයට කලකට පෙර ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.


2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුණු ඇළකින් අත් බෝම්බයක් හමුවෙයි