මන්නාරම, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මඩු කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී කපන ලද කඩොලාන ශාක කොටස්, පිහි 02 ක් සහ පොරෝ 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෝ වයස අවුරුදු 43, 38, 31, 29, 27 සහ 19 වියේ පසුවන අතර මන්නාරම පදිංචිකරුවෝය.
මන්නාරම, වන සංරක්‍ෂණ නිලධාරීන් සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මෙම වැටලීම කර ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මොනවා කරන්නද මන්දා. කඩොලාන ශාකයක වටිනාකම දන්නේනැති හරක්.