(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව, කටුකුරුන්ද ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මෙට්ට කර්මාන්ත ශාලාවක අද(08) ඇති වූ ගින්නකින් එම කම්හල සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
ගින්න හටගත් අවස්ථාවේ එහි තෙවන මහලේ පුද්ගලයකු සිට ඇති බවත්, ඔහු මෙට්ට කිහිපයක් පොළවට විසි කර ඒ මතට පැන දිවිබේරාගෙන ඇති බවත් පැවසේ.
එම පුද්ගලයාගේ දකුණු අතට හානි සිදුවී ඇති අතර, හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කොට්ටාව මහනගර සභාවට අයත් ගිනි නිවන රථ 3ක් එහි පැමිණ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළ බව පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් යාබද දුරකථන සහ විදුලි රැහැන්වලට දැඩි හානි සිදුව තිබිණි. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.
කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොට්ටාවේ මෙට්ට කම්හලක ගින්නක්