හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව කොට්ටුකච්චිය ගල්කුලම කිරි වැව ඊයේ (10) සවස කැඩී යාමෙන් පසු මේ වන විට දැවැන්ත ජල කදක් ගලා යමින් ඇති බව ජනතාව පවසයි.
කිරි වැව වසර 100 පමණ පැරණි කුඩා වැවක් වන අතර පසුගිය නියඟයෙන් පසුව වසර තුනකට පසු නැවත පිරි ඉතිරි තිබියදි ඉකුත් (9) සිට නැවත ඇද හැලෙන මහ වැස්සෙන් පසු බැම්ම සොරෝව්ව ආසන්නයෙන් කැඩී ගොස් ඇත්තේ සොරොව්ව ආසන්නයෙන් බව ගොවීහු පවසති.
වෑකන්ද කැඩී ගිය ස්ථානයෙන් නිතර නිතර වල් අලින් ගමන් කිරිමේ මාර්ගයක් ලෙස සැකසී තිබු බවත් යම් හෙයකින් වෑ කන්ද පිපිරිමකට ලක්ව තිබි පසුව පිපිරි යන්නට ඇතැයි කියයි.
මේ පිළිබඳව ජනතාව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් සහ පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයට දන්වා ඇති බව කියයි. වෑකන්ද කැඩී යාමේන් පහළ ගම්මාන වලට බලපෑමක් නොමැති බවද කියයි.



2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොට්ටුකච්චිය ගල්කුලම කිරිවැවත් කැඩෙයි