IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොට්ටුකච්චියේ කුඹුරු අක්කර 1000 කට ජල හිඟයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පවතින දැඩි නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොට්ටුකච්චිය කෙමන්වැටිය පැරකුම් ගොවි සංවිධානය යටතේ මෙවර වගා කළ කුඹුරු අක්කර 1000ට ආසන්න ප්‍රමාණයක් ජල හිඟයකට මුහුණ පා ඇති බව ගොවීහු පවසති. 
 
මෙවර යල කන්නයේ කොට්ටුකච්චිය කෙමන්වැටිය පැරකුම් ගොවි සංවිධානය යටතේ කුඹුරු වගා කල ගොවින් 500 කට ආසන්න පිරිසකට අයත්  නායක්කල්ඹ, එඹයාය, කිලවන්එළිය යන ප්‍රදේශවලට අයත් කුඹුරු අක්කර දහසක් මෙම අවදානමකට මුහුණ දී තිබේ.
 
ඉගිනිමිටිය ජලාශය මගින් කුඹුරු අස්වැද්දීමට නිකුත් කරන ජලය ගල්කිස්ස ඇළ හරහා පුලියන්කුලම වැවට ගලාවිත් කෙමන් වැටිය කුඹුරුවලට පසුගිය කාලය පුරා ලැබූ නමුත් මෙවර වියළි කාලගුණික තත්වය යටතේ පහළට ජලය  ගලා නොඑන බව ගොවීහු පවසති.
 
මේ පිළබඳව අදහස් දක්වමින් සිටි කෙමන්වැටිය ගොවි සංවිධානයේ එඹයාය ජල පාලක ඒ.එම්. ගුණරත්න බණ්ඩා මහතා පවසා සිටියේ මෙවැන්නකී.
 
 “ යල කන්නනයේ අක්කර 800 කට වැඩි කුඹුරු ප්‍රමාණයක් ගොවින් වගා කරලා තිබෙනවා. දැන් අපි ජලය ගන්න කුඩා වැව් සහ අනිත් ස්ථානවල ජලය මෝටර් යොදාගෙන කුඹුරුවලට පොම්ප කරමිනුයි දැනටවත් කුඹුරු ටික බේරගෙන තිබේන්නේ” යැයි ඔහු පැවසීය. 
 
ඉගිනිමිටිය නේවාසික වාරි මාර්ග ඉංජිනේරු චමින්ද පුෂ්පකුමාර මහතා මෙසේ අදහස් දැක්වීය.
 
“ අපි මෙවර ජලාශයේ අක්කර අඩි 24000 ක ප්‍රමාණයක් තියාගෙනයි අපේ ව්‍යාපාරයේ අක්කර 4000 ක් වගා කිරීම ආරම්භ කර තිබෙන්නේ. එහිදී ජල මුර නිකුත් කිරීම සීමා කරමින් ජලය ආරක්ෂා කර ගනිමින් තමා වගා කටයුතු කිරීම සිදුවුයේ. හැබැයි ඔය කියන කුඹුරු යාය ගැන මම දැනගෙන හිටියේ නැහැ. මොකද අපේ කුඹුරුවලින් ඒ කියන්නේ ඌරියාවේ කුඹුරුවලින් පහළට බසින ජලයෙන් තමයි මේ කුඹුරු කර ඇත්තේ. ඒ නිසා ඉදිරියේදි මම මේ ගැන සොයා බලනවා” යැයි කීවේය.



අදහස් (0)

කොට්ටුකච්චියේ කුඹුරු අක්කර 1000 කට ජල හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site