IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එස්.ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපරකණ සොයා කැනීමක්

(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ සොහොයුරෙකුට අයත් කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ ඉඩමක් අද (21) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතාගේ නියෝගයක් පරිදි ආරක්ෂක අංශ විසින් යුද උපරකණ සොයා කැනීමක් සිදු කරනු ලැබීය.

කිලිනොච්චිය යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව පස්කපන යන්ත්‍රයක් යොදාගනිමින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතා ඉදිරියේදී මෙම කැනීම සිදු කරනු ලැබීය.

පැයකට ආසන්න කාලයක් එහිදී පස් කපන යන්ත්‍රය මගින් පොළව හෑරීම සිදු කළද කිසිදු යුද උපකරණයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට සිටියේය.

අදාල ඉඩමේ කොටි ආයුධ වලාදමා ඇති බවට ආරක්ෂක අංශ බුද්ධි අංශ වෙතට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව මෙම කැනීම සිදු කරනු ලැබීය.

කෙසේ වෙතත් අදාල කැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට අයත් ඉඩමක්යැයි මන්ත්‍රීවරයාගේ පක්ෂිකයින් පිරිසක් පවසන අතරම ප්‍රදේශවාසීන් පවසා සිටියේ අදාල ඉඩම එම මන්ත්‍රීවරයාගේ සොහොයුරෙකුට අයත් ඉඩමක් බවටය.



අදහස් (0)

එස්.ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපරකණ සොයා කැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 588 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site