(ප්‍රසාද් රුක්මල්)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මැයි මස 21 වැනිදා ආරම්භ කරන බව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවැසීය.
මැයි මස 20 වැනිදා උදෑසන 8.00 සිට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර විවෘත කර තිබෙන බවත් අනන්‍යතාව තහවුරු කිරීමට විශ්ව විද්‍යාල හැඳුනුම්පත හෝ ශිෂ්‍ය වාර්තා පොත රැගෙන පැමිණෙන ලෙස උපකුලපතිවරයා සඳහන් කළේය.
යුද හමුදාව සහ පොලිසිය එක්ව විශ්ව විද්‍යාලයේ සියලුම පරිශ්‍රයන් සහ නේවාසිකාගාර පරීක්ෂාවට ලක්කර ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඒ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd