IMG-LOGO

උතුරේ ජල ගැලීම් වලින් 4472 ක් අවතැන්

සිතුම් චතුරංග

           

අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් 1388 අයත් පුද්ගලයින් 4472 දෙනෙකු ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

දින කිහිපයක කාලයක් අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් යාපනය , කිලිනොච්චිය , මුලතිව් , මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව තිබේ.

ජලගැලීම් හේතුවෙන් වැඩිම බලපෑම කිලිනොච්චිය දිස්ත්‍රික්කය වන අතර එහි පවුල් 582 අයත් පුද්ගලයින් 1910 පීඩාවට පත්ව සිටිති. 

මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 421 අයත් පුද්ගලයින් 1155 ක් , යාපනය දිස්ත්රිකක්කයේ පවුල් 341 අයත් පුද්ගලයින් 1274 ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 33 කට අයත් පුද්ගලයින් 112 දෙනකු , වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් පහකට අයත් පුද්ගලයින් 21 දෙනෙකු ද පීඩාවට පත්ව ඇති බව පැවසීය.

යාපනය , මුලතිව් , වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හි නිවාස 90 හානි සිදුවී ඇති අතර 189කට ජලගැලීම් හේතුවෙන් අර්ධ හානි සිදුවී ඇති බවද කීය.

ආපදා කළමනාකරණ නිලධාරීන් පැවසූයේ ජලගැලීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙත ත්‍රිවිධ හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සහන සැලසීම ආරම්භ කර ඇති බවයි.

මුලතිව්, කිලිනොච්චිය හා වවුනියාව යන දිස්ත්‍රික්කවල විශාල වශයෙන් නවීකරණය කළ වැව් කැඩීයාම හේතුවෙන් මෙලෙස ජනතාව විශාල පිරිසක් පීඩාවට පත්ව ඇතැයිද පැවසීය.

             



අදහස් (0)

උතුරේ ජල ගැලීම් වලින් 4472 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site