ක.ග කරුණාරත්න
පොළොන්නරුව ඓතිහාසික උණගලාවෙහෙර පුදබිමේ පිහිටි ඉපැරුණි දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එහි කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැත්විණි.
ශ්‍යාමෝපාලි මහා නිකායේ අනුනායක ආචාර්‍ය්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ සහ ඓතිහාසික සෝමාවතිය රාජමහ විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි ප්‍රමුඛව මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
ජනාධිපති බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය ද මෙම පිංකමට සහ සහභාගී වී සිටියාය.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ද,පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.