(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජලය රැගෙන යන ඉහළ ඇලහැර ඇළ මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කර ඇති බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පවසයි.
මොරගහකන්දේ සිට මහකනදරාව දක්වා කිලෝමීටර් 94 ක දිගින් යුතු මෙම ඇළ මාර්ගයේ කිලෝ මීටර් 26ක දිගින් යුතු උමං මාර්ගයක් ද පවතින බව දයානන්ද මහතා කියයි..
මෙම ව්‍යාපෘතිය මගින් මහකනදරාව තෙක් වැව් 1200 ක් පෝෂණය වන අතර මැදිරිගිරිය ප‍්‍රදේශයේ වැව් 31ක් ද, ලග්ගල ප‍්‍රදේශයේ වැව් 13 ක් ද සංවර්ධනය වන බව හෙතෙම ප්‍රකාශ කරයි.
ඉහළ ඇලහැර ව්‍යාපාතිය හේතුවෙන් මැදිරිගිරිය නව සංවර්ධන කලාපයක් ලෙස නම් කර තිබේ.
අලුතින් ගොවි පවුල් 3240ක් පදිංචිකරමින් ඉඩම් හිමකම් ලබාදීම,නාගරික සේවා පහසුකම් වැඩි දියුණු කිරීම ,මැදිරිගිරිය බිසෝපුර කන්තලේ මාර්ගයේ කිලෝ මීටර් 23 ක් සංවර්ධනය කිරීම,අක්කර 100 ක කර්මාන්ත පුරයක් ඇති කිරීම ආදී සංවර්ධන කටයුතු ව්‍යාපෘතිය යටතේ සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගොවියන්ට නවතම ක්‍රම හදුන්වා දිය යුතුයි. බින්දු-ජල තාක්ෂණයෙන් ජලය අවම ප්‍රමාණයක් භාවිතා කරලා වී වගාව කරන්න පුළුවන්. දැන් සිදු කරන පාරම්පරික ක්‍රමය වන ලියදි ක්‍රමයෙන් ජලය විශාල ලෙස නාස්ති වෙනවා. ගොවීන්ට එවැනි ක්‍රම වලට මාරු වීම සඳහා දිරිගැන්වීම් හා අදාර ලබා දීම අත්‍යවශ්‍යයි. එහෙම කොළොත් පමණයි මේ වගේ දැවැන්ත ව්‍යාපාර වල ප්‍රතිපල හරියටම ලබා ගන්න පුළුවන් වෙන්නේ.