(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 වසරේ අයවැය යෝජනාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතා විසින් අද (19) සභාවට ඉදිරිපත් කරන ලදී.
එම අයවැය යෝජනාව සඳහා පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද 12 ක් ද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර මහතා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටියේය.
ඒ අනුව ඉමදුව සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මත විය.
මෙම අයවැයට අනුව ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 අපේක්ෂිත ආදායම රුපියල් 293,037,800.00 වන අතර 2020 සඳහා අපේක්ෂිත වියදම රුපියල් 293,035,000.00ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd