ඉන්දීය ආධාර යටතේ යාපනය නාවත්කුලිය සහ චාවකච්චේරිහි ඉදිකළ නව පාසල් ගොඩනැගිලි දෙකක් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිසු අයිතියට පත් කෙරුණි.
ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 250ක වියදමින් මේ වනවිට උතුරේ පළාතේ පාසල් 27ක් ඉදි වෙමින් තිබෙන අතර එහි කොටසක් ලෙස යාපනය නාවත්කුලිය, නාවත්කුලිය මහ විද්‍යාලය සහ චාවකච්චේරිය ඩ්‍රීබර්ග් විද්‍යාලය යන විදුහල්වල සිසුන් වෙනුවෙන් එම නව ගොඩනැගිලි ඉදි කර තිබිණි.
ව්‍යාපෘතිය යටතේ ගොඩනැගිලි ඉදිවෙන පාසල් 27න් දහයක ඉදි කරන ලද නව ගොඩනැගිලි මේ වනවිට සිසු අයිතියට පත් කර ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd