IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉඩම් බලපත්‍ර ගාස්තු අඩු කරන්න යයි

(මනුල වික්‍රම) 

ඉඩම් පනත වහා සංශෝධනය කර රජයේ ඉඩම් බලපත්‍ර ගාස්තුව 50% අඩුකිරීමට රජය  පියවර ගන්නා බව ඉඩම් සංවර්ධන වනජීවි හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුරයේ  නිලධාරින් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව පැවසීය.

දැනට පවතින  බදු ඉඩම් නීතිය තුළ ගෙවිය යුතු ගාස්තු අධික වීමෙන් ජනතාව බදුගෙවීම පැහැර හැරීමෙන් රජයට අධික ආදායමක් අහිමි වන බව එහි දී පෙන්වාදුන් අමාත්‍යවරයා කෘෂිකර්ම ,වාණිජ හා පදිංචි ඉඩම් වෙනුවෙන් ලබාදෙන මෙම සහනය නිසා ආයෝජන දිරිගැන්වීමත් රජයේ ආදායම ඉහළ යාමත් සිදුවන බව කියාසිටියේ ය.

ඉඩම් ඔප්පු ලබාගැනීමේ දී ඒවා අනුමත වීමට දැනට පවතින ක්‍රියාවලිය තුළ වසර පහක් තරම් අධික කාලයක් ගතවන ක්‍රමවේදය වෙනුවට  සියලු නිලධාරීන් සමඟ ගමට ගොස් ඉඩම් ඔප්පු අනුමත කර දීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති  බවද ඉඩම් ඇමැතිවරයා එහි දී කිවේ ය. 

 



අදහස් (0)

ඉඩම් බලපත්‍ර ගාස්තු අඩු කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site